මොකද්ද අවිදිර දෘෂ්ඨිකත්වය කියන්නෙ?
අවිදුර කියන්නෙ ලඟ. ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය තියෙන අයට ලඟ තියෙන දේවල් හොදට පේනවා. හැබැයි දුර දේවල් පේන්නෙ නෑ.
ඇස් බෝලය පමණට වඩා දිගු වීම, කාචයේ හා කුණිතයේ වක්රතාව පමණට වඩා වැඩි වීම වගේ දේවල් නිසා අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වෙන්න පුලුවන්.
මේක් බොහෝ වෙලාවට අවුරුදු 6-15 අතර දරුවන්ට ඇතිවන තත්ත්වයක්. ඊට පස්සෙ වයස්ත් ඒක මේක ටික ටික උග්‍ර වෙලා වයස 20දී විතර ස්ථාවර වෙනවා.
එලිමහනේ කාලය ගතකිරීමේ අඩු කම, ඉතා දිගු වේලාවක් ඩිජිටල් තිර (දුරකථන, ටැබ් හා පරිගණක) නැරඹීම, දිගු වෙලාවක් කියවීමේ නිරත වීම, ගෘහාශ්රිත ආලෝක තත්ත්වය මද වීම වගේ දේවල් නිසා මෙම තත්ත්වය ඇටි වෙන්න පුලුවන්. අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙලෙන මවුපියන්ගේ දරුවන්ටත් මේ තත්ත්වය අඩු වයසෙන් ඇති වීමේ අවධානමක් තියෙනවා.
අවිදුර දෘෂ්ඨිකත්වයේ උග්‍ර අවස්ථාවක් තියෙනවද?
ඔව්. කලින් කිව්ව වගේ ඇස් බෝලය ක්රමිකව දිගින් වැඩි වෙලා ඇහේ එක්තරා අවස්ථාවක අවිදුර දෘෂ්ඨිකත්වය නිවැරදි කරන්න අවශ්‍ය කාචයේ බලය ඩයොප්ටර 6ට වඩා වැඩි වෙන්න පුලුවන්. ඒ කියන්නෙ උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වය. මෙතනින් එහාට තවත් ඇස් බෝලය දික්වුනොත් ඊට සමගාමීව ඇහේ ඇතුලෙ තියෙන දෘෂ්ඨි විතානයත් තුනී වෙනවා. තුනී වුන දෘෂ්ඨි විතානය ඉරෙන්න පුලුවන්. එවැනි ඉරීමක් හරහා වතුර ඇතුලට ගියොත් දෘෂ්ඨි විතානය ඇස් බෝලයෙන් ගැලවෙන්නත් පුලුවන්.
මීට අමතරව උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වයේදී කහ ලපය ආශ්රිත වෙනස්කම්, ලේ ගැලීම් සිදු වෙන්න පුලුවන්. මේ වගේ තත්ත්වයක් තියෙන පුද්ගලයන්ට ග්ලූකෝමා තත්ත්වය, අඩු වයසින් සුද ඇතිවීම ආදී අවදානමත් වැඩියි.
කලින් කිව්ව නේද එලිමහනේ කාලය ගත කිරීමේ අඩු කම අවිදුර දෘෂ්ඨිකත්වය ඇතිවෙන්න හේතුවක් කියල?
ඔව්. මේක හුඟක් අය හිතන්නෙ නැති, හැබැයි පහසුවෙන්ම වෙනස් කල හැකි අවදානම් සාධකයක්. සාමාන්යයෙන් සතියට පැය 8-15 අතර කාලයක් දරුවන් එලිමහන් ක්රියාකාරකම් වල යොදානවනම් ඔවුන්ට අවිදුර දෘෂ්ඨිකත්වය ඇති වීමේ අවදානම අඩු කරගන්න පුලුවන්. ගේ ඇතුලෙමනම් ඉන්නෙ, ගෘහාශ්රිත ආලෝකය හොද මට්ටමක තියෙන්න ඕන.
අවිදුර දෘෂ්ඨිකත්වයේ රෝග ලක්ෂණ මොනවාද?
දුර තිබෙන වස්තූන් බොඳ වී පෙනීම
හිසරදය
ඇස් කැක්කුම
ඇස් වලින් කදුළු ගැලීම
නිතර ඇසිපිය ගැසීම
වපරය
ඇයි ඉතින් අවිදුර දෘෂ්ඨිකත්වය ගැන මෙච්චර කතා බහක්? ඇයි මේ තත්ත්වය අනෙක් කණ්නාඩි දාන්න වෙන තත්ත්වයන්ට වඩා විශේෂ?
මෙහෙමයි. අවිදුර දෘෂ්ඨිකත්වය කියන්නේ ලෝකෙටම බලපාන ප්රශ්නයක්. දැනටමත් ලෝකයෙන් 25%ට මෙම තත්ත්වය තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්වකථන වලට අනුව 2050දී ලෝක ජනගහණයෙන් 50%ට අවිදුර දෘෂ්ඨිකත්වය තියේවි.
අනෙක් අතට උග්‍ර අවිදුර දෘෂ්ඨිකත්වය එක්ක සබැඳි දෘෂ්ඨිවිතානය ගැලවී යාම, කහ ලපයේ වෙනස්කම්, ග්ලූකෝමා තත්ත්වය නිසා ඉදිරියේදී ලෝකයේ අන්ධභාවය ඇතිවීමේ ප්රධානම හේතුව අවිදුර දෘෂ්ඨිකත්වය වෙන්න පුලුවන්
දෘෂ්ඨි පටලයේ ඉරීම කිව්වම ටිකක් බය හිතුනා. කොහොමද එහෙම තත්ත්වයක් අපි අදුර ගන්නේ?

දෘෂ්ඨි විතානයේ ඉරී යාමක්, දෘෂ්ඨි විතානය ගැලවීයාමක් දක්වා වර්ධනය වන අයුරු
ඇහේ
කෑලි, කුරුමිණියො, වලාකුලු පාවෙනව වගේ පේනවනම්, එහෙමත්
නැත්නම් අකුණු ගහනව, ලයිට් එලි පත්තු වෙනව
වගේ පේනවනම්, එහෙමත් නැත්නම් පෙනෙන පදාසයෙන් කොටසක් එක්වරම නොපෙනී ගියානම්, ඒක දෘෂ්ඨිපටලයේ ඉරීමක්
හෝ ගැලවීමක ලක්ෂණයක් වෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවක්
ඉක්මනින් සුදුසුකම් ලත් අක්ෂි වෛද්යවරයෙක් හමුවෙන්න.
අවිදුර දෘෂ්ඨිකත්වය ක්රමිකව උග්‍ර වෙන එක පාලනය කර ගන්න විදියක් නැද්ද?
එලිමහනේ වැඩි වේලාවක් ගත කිරීම, ප්රමාණවත් ගෘහාශ්රිත ආලෝකකරණය, ඉතා දිගු වේලාවක් සමීප ක්රියාකාරකම් වල නොයෙදීම, දරුවන් ඩිජිටල් තිර භාවිතා කරන කාලය සීමා කිරීම වගේ දේවල් අපට පහසුවෙන් කරන්න පුලුවන්.
ඊට අමතරව අවිදුර දෘෂ්ඨිකත්වය උත්සන්න වීම වලක්වන විශේෂිත කණ්නාඩි, සිවි කාච හා Atropine යන ඖෂධය ඇසට ගැල්වීම ආදී ක්රම තියෙනවා. නමුත් ඒවා ලංකාවේ එතරම් ප්රචලිත නැහැ
ඒ උග්‍ර වෙන එක නවත්තන ක්රමනෙ. දැනට මට තියෙන අවිදුර දෘෂ්ඨිකත්වය සදහා තියෙන ප්රතිකාර ක්රම මොනවාද?
ඔබට කණ්නාඩි, සිවි කාච පැලඳල හොද දුර දෘෂ්ඨියක් ලබා ගන්න පුලුවන්. හැබැයි ඒකෙන් ඇහේ ව්යුහාත්මක වෙනසක් වෙන්නෙ නෑ. දුරින් එන ආලෝක කිරණ දෘෂ්ඨි විතානයට නාභිගත කිරීමක් වෙනවා විතරයි.
ලේසර් සැත්කම් මගින් ඇහේ කුණිතයේ පටක කොටසක් ඉවත් කරලා ඔය වැඩේම කරන්න පුලුවන්. ටිකක් වියදම්. හැබැයි කණ්නඩි දාන්න අකමැති අයට හොද විකල්පයක්.
![]() |
| ලේසර් සැත්කමකදී කුණිතයේ පටක කොටසක් ඉවත් කරන අයුරු |
අපි කණ්නඩි, සිවිකාච හා ලේසර් සැත්කම් ගැන වෙනම කතා කරමු.











