කණ්ණාඩි රාමුවක් තේරීමේදී සැලකිය යුතු කාරණා මොනවාද?
කණ්ණාඩි රාමුවක් තෝරනව කියන්නෙ ඇත්තටම challanging වැඩක්. මොකද කණ්ණාඩි රාමු ටිකක් මිලෙන් අධිකයි. ඉතින් තෝරන එක හරියටම තෝර ගන්න වෙනවා. නැත්නම් කණ්ණාඩිය වෙනුවෙන් වැය කරපු මුදල අපරාදෙ වෙනව වගේම කණ්ණාඩිය පැලදීමේ අපහසුතා වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නත් පුලුවන්.
බොහෝ වෙලාවට කණ්ණාඩි සාප්පුවෙ ඉන්න මහත්වරු/ මහත්මීන් ඔබට ගැලපෙන කණ්ණාඩිය තෝරා ගන්නට ඔබට උපදෙස් දෙමින් සහය වෙනවා. ලොකු අටුවා ටිකා නැතුව කිව්වොත්, දෘඪ, ශක්තිමත්, සැහැල්ලු හා මුහුණට හොදින් සවිවන කණ්ණාඩියක් තමයි ඔබ තෝරා ගත යුත්තෙ. කොහොම නමුත් ඔබ කණ්ණාඩි ගන්න යද්දි මේ කරුණු ගැනත් සැලකිල්ල දැක්වුවොත් හොදයි.
ඇස් වල පිහිටීම
ඔබේ ඇස් කණ්ණාඩි රාමුවෙ කාච සවි වන කොටසේ මැදට සමරූපී වෙන්න ඕන. එහෙම නැති උනොත් ඔබේ කණ්ණාඩි කාචය ප්රිස්මයක් විදියට ක්රියා කරන්න පුලුවන්. ඒ කියන්නෙ ඔබ දකින පින්තූරය අවකාශයේ නියම පිහිටීමට වඩා වෙනස් තැනක පේන්න පුලුවන්.
කණ්ණාඩියේ පළල හා ඔබේ මුහුණේ පළල
කණ්ණාඩිය පැලදුවම එය කනට රදවන රාමුව හා ඔබේ මුහුණ අතර පොඩි ඉඩක් තියෙන්න ඕන. හිරට තියෙන කණ්ණාඩි ගන්න එපා. එසේම ඔබේ මුහුණේ පලල්ම කොටස (ඒ කියන්නෙ කනට වහාම උඩින්) හා කණ්ණාඩියේ පලල්ම කොටස සමපාත වෙන්න ඕන.
ඇහි බැම
ඔබේ කණ්ණාඩි රාමුවේ ඉහල දාරය ඇහි බැමට සමාන්තරව තිබිය යුතුයි. කණ්ණාඩියෙ උඩ දාරය ඇහි බැම හරහට කැපෙන හෝ, ඇහි බැමට සාපේක්ෂව ඉහල හෝ පහල තලයක පිහිටන විදියෙ කණ්ණාඩි ගන්න එපා. ඒක මූණට කැතයි.
අනෙක් අතට ඇහි බැමේ ඝණත්වය හා රාමුවේ ඝනත්වය balance කර ගන්න ඕන. ඔබට තියෙන්නෙ ඝන ඇහි බැමක් නම් තරමක් තුනී රාමුවක් තෝරා ගන්න. ඇහි බැම තුනී නම් ඕකෙම අනිත් පැත්ත.
ශරීර පරිමාව
කණ්ණාඩියේ සයිස් එක ඇඟේ සයිස් එකට ගැලපෙන්නත් ඕන. මබ සිහින් ශරීරයක් ඇත්තෙක් නම් සිහින් රාමුවක් තෝරා ගැනීම තමා හොද.
Bridge එක
මේ කියන්නෙ කණ්ණාඩිය නාසය මත රදවනය. ඔබේ නාසය කුඩා නම් පලල් bridge එකක් සහිත කණ්ණාඩියකට යන්න එපා
Eye wire එක
මේ කියන්නෙ කණ්ණාඩිය කන මත රදවනය. සිහින් දිගැටි eye wires ලස්සනයි තමයි. නමුත් කාචය බර නම් ඔබ ඝනකම් eye wire සහිත රාමුවක් තෝරා ගන්න.
කාචය
මේකනෙ ඉතින් වැදගත්ම කොටස. සැහැල්ලු, ප්ලාස්ටික් කාචයක් තෝරා ගන්න. ඒකට Anti reflective coating එකක් දා ගන්න. මේ Anti reflctive coating එකෙන් එලිය යම් පෘෂ්ඨයක් මත වැදිල පරාවර්තනය වෙද්දි ඇසට අපහසු කිරණ කපා වෙන් කරනවා
ඔබ ඩිජිටල් තිර හා නිතර ගනුදෙනු කරන්නෙක් නම් තිරයෙන් එන glare එක අඩු කර ගන්න පුලුවන් filter එකක් ඉල්ලන්න.
ඔබ නිතර එලිමහනේ කාලය ගතකරන්නෙක් නම් අව්වට අදුරු පැහැ වෙන photochromic කාචයක් ඉල්ලන්න.
ඔබට හතලිස් ඇදිරිය හා දුර/අවිදුර දෘෂ්ඨිකත්වය තියෙනවනම්, සාම්ප්රදායික Bifocal කාච වෙනුවට progressive addition lens ඉල්ලන්න. එමගින් ඔබට ලඟ, මැදි දුර, දුර ආදී මුලු පරාසයම හොදින් බලා ගන්න පුලුවන්.

No comments:
Post a Comment