Monday, September 6, 2021

කණ්නාඩි ගැන දැවෙන ප්‍රශ්න විසදා ගනිමු

 


මට පෙනීම අඩුයි නම්, කණ්ණාඩියක් ගන්න කලින් ඇස් දොස්තර කෙනෙක් හම්බ වෙන්න යන්න ඕනමද? ඇස් කණ්ණාඩි සාප්පුවකින් මට ගැලපෙන කණ්ණාඩිය කෙලින්ම ගන්න බැරිද?

ඇතැම් අයට කිසිම ගැටලුවක් නැතුව කණ්ණාඩි සාප්පුවෙන් කෙලින්ම ගන්න කණ්ණාඩි කුට්ටමෙන් ප්රයෝජනය ගන්න පුලුවන්. ඇත්ත.

නමුත් ඔබ මතක තබා ගත යුතු කරුණ වන්නේ, ඇස් පෙනීමේ අඩුව කියන්නෙ කණ්ණාඩියෙන් නිවැරදි කරන්න පුලුවන් refractive error එකක් නොවන්න පුලුවන් වග. කාචයේ සුද, ග්ලූකෝමාව, දියවැඩියාව තත්ත්ව ඇතැම් විට නිහඩව ඔබ අන්ධභාවයට පත්කරමින් ඉන්නවා වෙන්න පුලුවන්. ඉතින් පෙනීම අඩු නම් අක්ෂි වෛද්යවරයෙක් හම්බ වෙලා ඉහත කියපු අවදානම් තත්ත්ව පිලිබදව පරීක්ෂා කර ගත්තොත් හොදයි.

 

මට කණ්ණාඩිය හදන්න දීපු තුන්ඩුවෙ තියෙන්නෙ මෙන්න මේ විදියට. මේක මට සරලව පැහැදිලි කරල දෙනවද?

OD) -1.75 -0.50 X 70

OS) -1.50 -2.00 X 70

Add +2.25



ඕකෙ OD කියන්නේ දකුණු ඇස. OS කියන්නෙ වම් ඇස. OU කියන්නේ ඇස් දෙකම.

මුල් අංකයෙන් කියන්නේ දුර හෝ ලඟ නොපෙනීම නිවැරදි කරන්න නියම කරන කාචය. මිනුම ඩයොප්ටර. ඔබට අවිදුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් (-) කාචයක්, දුර දෘෂ්ඨිකත්වය තියෙනවනම් (+) කාචයක් නියම කරල තියෙන්න පුලුවන්.

එතකොට ඊගඟ අගයෙන් කියන්නේ විෂම දෘෂ්ඨිකත්වය සදහා ඔබට පලදින්න වෙන සිලින්ඩර කාචය. බොහෝ රට වල මෙය (-) අගයකින් තමයි සදහන් වෙන්නෙ. එතකොට ඊලඟට තියෙන අංශකයෙන් කියන්නේ සිලින්ඩර කාචයේ බලය යෙදිය යුතු අංශකය. මෙය 0 සිට 180 දක්වා අගයක්.

ඔබට හතලිස් ඇඳිරිය තියෙනව නම් ඊට කෙරෙන නිවැරදි කිරීම තමයි Add යටතේ සඳහන් වෙන්නෙ. මෙය +0.5 සිට +3 දක්වා අගයක්.

 

මොනවද අපිට ගන්න තියෙන කණ්ණාඩි වර්ග?

මූලික වර්ග 3ක් ගැන මම මෙතෙන්දි කියල දෙන්නම්.

Single vision glasses- මෙතෙන්දි කණ්ණාඩියෙ තියෙන්නෙ දුර, ලඟ නොපෙනීමට ප්රතිකාර විදියට නියම කරන (-) හෝ (+) කාචයක්. එහෙමත් නැත්නම් විSHඅම දෘෂ්ඨිකත්වට නියම කරන සිලින්ඩර කාචයක්.

Bifocal glasses- මේකෙ කණ්ණාඩියෙ කාච බලයන් 2ක් තියෙනවා. ඉහල කෙලවරේ ඔබේ දුර, ලඟ නොපෙනීම හෝ විෂම දෘෂ්ඨිකත්වය සදහා වන කාචය තියෙනවා. පහල කෙලවරේ හතලිස් ඇඳිරිය නිවැරදි කරන (+) කාචය තියෙනවා. මේ කාච 2 අතරේ බෙදුම් රෙඛාවක් පේන්න තියෙනවා.


Progressive addition lens- මේ කණ්ණාඩි වල දුර, ලඟ, මැදි දුර යන සියලුම දුරවල් එක්වර නිවැරදි කරනවා. කාචයේ බලය ඉහල සිට පහලට ක්රමිකව වඩි වේ ගෙන එනවා. නමුත් Bifocal වල වගේ කාච බලයන් වෙන් කරන රේඛාවන් නැහැ. නිසා භාහිර පෙනුම ගැන හිතන අය Progressive addition කණ්ණාඩි වලට කැමතියි.

 

දැන් තරුණ කාලේ දුර හෝ ලඟ නොපෙනී තිබුන අයෙකුට අවුරුදු 40 දී හතලිස් ඇඳිරියත් ආව කියමු. ඒතකොට එයාට දාන්න පුලුවන් කණ්ණාඩි මොනවද?

ඔය වගේ අයට දෙන්න පුලුවන් විසදුම් 3ක් තියෙනව.

උඩ කියපු bifocal හෝ progrssive addition කණ්ණාඩි තමයි පලවෙනි විසදුම් දෙක.

එහෙම නැත්නම් ඔහුට ලඟට එක් කණ්ණාඩියක් හා දුරට වෙනත් කණ්ණාඩියක් දාන්න පුලුවන්.

 

මම ඔය උඩ කියපු ප්රශ්නෙ තියෙන කෙනෙක්. මට අවුරුදු 43දී නියම කරා Bifocal කණ්ණාඩියක්. මම ගුරුවරියක්. මේ කෝවිඩ් ප්රශ්නත් එක්ක online teaching පටන් ගත්ත නිසා මට දැන් පරිඝණක තිරය එක්ක ගනුදෙනු කරන්න වෙලා. මේ කණ්ණාඩියෙන් මට පරිඝණක තිරය කියවන්න අමාරුයි. හැබැයි පොතක් කියවන්න. දුර බලන්න එහෙම අවුලක් නෑ. මොකද්ද මේ ප්රශ්නෙ?

හරිනෙ. Bifocal කණ්ණාඩියෙන් කෙරෙන්නෙ දුර හා ලඟ පෙනීම නිවැරදි කිරීම විතරයි. පරිඝණක තිරය තියෙන්නෙ අතරමැදි දුරකනෙ. එතකොට අතරමැදි දුරේ පෙනුම නිවැරදි කරන්න Bifocal කණ්ණාඩි වලට බෑ.

ඔබ වගේ කෙනෙකුට හරි යන්නේ ලඟ, මැදි දුර හා දුර යන මුලු පදාසයම එකවර නිවැරදි කරන Progressive addition කණ්ණාඩියක්. හැබැයි ඔය progressive addition කණ්ණාඩි වල මැදි දුර නිවැරදි කරන්න තියෙන කොටස තියෙන්නෙ කාචයේ මැදට වෙන්න තියෙන ටු තීරුවක. ඉතින් මේ ටු ගතිය නිසා සමහරුන්ට ඒත් සමහර අපහසුතා එන්න පුලුවන් මැදි දුර බලද්දි.

 

මුල්ම වරට කණ්ණාඩි දාද්දි අමාරු නැද්ද?

හුඟක් අයට මුල් සති 2, නිකන් අමුතුයි වගේ තමයි. මේ ගතිය විෂම දෘෂ්ඨිකත්වයට දාන සිලින්ඩර කාච එක්ක ටිකක් වැඩියි. කොහොම නමුත් මේ පොසි පොසි අමුතු ගති ඉතා ඉක්මනින් හරි යනවා. තරුණ අය ඉතා ඉක්මනින් මේ වෙනසට අනුගත වෙනවා.

හැබැයි සති 2කට වඩා ඔය අපහසුතා තිබුනොත් නැවතත් ඉක්මනින්ම ඔබේ වෛද්යවරයා හමුවෙන්න. ඇතැම් විට ඔබේ කණ්ණාඩියේ කාච බලයන් හෝ සැකසුමේ ගැටලුවක් වෙන්න පුලුවන් දිගටම පවතින අපහසුතාවයට හේතුව.

 

ඉර අව්ව කණ්ණාඩියේ වැදෙද්දි හරි අපහසුයි. මොකද්ද විසදුම?

ආලෝක කිරණ කණ්ණාඩි පෘෂ්ඨය මත පරාවර්තනය වෙන එක වලක්වන්න Anti reflective coating එකක් කණ්ණාඩියට එකතු කරන්න පුලුවන්.

 

අර එලියට යද්දි විතරක් අඳුරු වෙන කණ්ණාඩි ජාතිය මොකද්ද?


Photochromic glasses. ඉර එලියට නිරාවරණය වෙද්දී මේ කණ්ණාඩි ඉබේම අඳුරු වෙනවා. ඉර එලියට නිරාවරණය නොවෙද්දි නැවත සාමාන් තත්ත්වයට එනවා. ඔබ නිතර එලිමහනට යන අයෙක් නම් ඔබට Photochromic කණ්ණාඩි තමයි වඩා සුදුසු.

 

මම ඔය කියපු ජාතියෙ Photochromic කණ්ණාඩි කුට්ටමක් ගත්තා. හැබැයි ඒක මම අව්ව තිඋයෙන වෙලාවෙ කාර් එක එලවද්දි අඳුරු වෙන්නෙ නෑනෙ. කියන්නෙ මට drive කරද්දි දාන්න වෙනම sunglass එකෙක් දාන්න වෙයිද?

මෙහෙමයි. හුඟක් අලුත් වාහන වල තියෙන වීදුරු වලින් ඉර එලියේ තිබෙන UV පදාසයේ කිරණ පෙරීමකට ලක් වෙනවා. මේ UV පදාසයේ කිරණ තමයි Photochromic කාච අඳුරු පැහැ වෙන්න මූලික වෙන්නෙ. ඉතින් කාර් එක ඇතුලෙදි අව්ව තියෙන වෙලාවක වුනත් photochromic කාච අඳුරු නොවී තියෙන්න පුලුවන්.

ඉතින් ඔබට drive කරද්දි දාන්න වෙනම අව් කණ්ණාඩියක් දාන්න වෙනව.

 

මගේ අවුරුදු 8 පුතාට කණ්ණාඩි නියම කරපු නිසා කණ්ණාඩියක් අරන් දුන්නා. මෙයා ඒක දාන්නෙම නෑනෙ ඩොක්ට. කැමතිම නෑ. මොකද කරන්න පුලුවන්?

ළමයි කණ්ණාඩි ප්රතික්ෂේප කරන්න හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. කණ්ණාඩි වලට හැඩ ගැහෙද්දි තියෙන අපහසුතා වල ඉඳන් පාසලේදී සිදු වල උසුලු විසුලු දක්වා පරාසයක හේතු මේකට බලපාන්න පුලුවන්. හොදම වැඩේ එයාට, එයා කැමති frame එකතෝර ගන්න දෙන්න. මේක තමයි සරලම හා හුඟක් ඵලදායී විසඳුම.

 

දරුවට කණ්ණාඩි දාන්න වෙනව කිව්ව ඩොක්ට. මට බයයි මෙයා මේක කඩා ගනී කියල. දන්නවනෙ දාංගලේ

පොඩි දරුවන්ට හදන කණ්ණඩි හදන්නෙ polycarbanat හෝ Trivex කියන ද්රව් වලින්. වීදුරු වලින් නෙවෙයි. මේවයින් කදන කණ්ණාඩි හොද ප්රතිරෝදයක් තියෙනවා කැඩීම් බිදීම් වලට. අනෙක සැහැල්ලුයි.

 

කණ්ණාඩියකට තරමක් මුදලක් යනවනෙ ඩොක්ට. මගේ කණ්ණාඩියේ ආයු කාලය වැඩි කර ගන්න පුලුවන් ක්රම මොනවද?

ඔය විච්චූරණ frame ගන්න එපා. මෝස්තර ඉක්මනටම වෙනස් වෙනවා. එතකොට ඔබේ කණ්ණාඩිය නිකං outdated වගේ හියෙනවා. ඉතිං සාමාන් frame එකක්තෝරා ගන්න.

කණ්ණාඩි රාමුව Rim හා කනට තීබෙන ආධාරකය temple අතර spring එකක් තිබෙන frame එකක්තෝරා ගන්න. ඒවායේ නම්යශීලී ගතිය වැඩියි.

කණ්ණාඩි කාච වලට සීරීම් වලට ඔරොත්තු දෙන scratch resistance coating එකක් එකතු කර ගන්න.

කණ්ණාඩි මාරු කරන්න වෙන අවස්ථාවන් වලදී කාචය විතරක් මාරු කරන්න. Frame එක මාරු කරන්න එපා. Frame තමයි මිල අධික.

 

කොච්චර කාලයකට පාරක් මම කණ්ණාඩි මාරු කරන්න ඕනද?

ඔබේ කණ්ණාඩියේ අගයන් වෙනස් වන විටදි ඔබ කණ්ණාඩිය මාරු කරන්න ඕන. කණ්ණාඩි පරීක්ෂාව අවුරුද්දකට හෝ දෙකකට වරක් සිදු කරන්න ඕන. ඒක ඔබේ අක්ෂි වෛද්යවරයා කියයි.

 

මම දාන බෝතල අඩි වගේ කණ්ණාඩි දෙක මට එපා වෙලා තියෙන්නෙ. වෙන විකල්පයක් නැද්ද ඩොක්ට?

තියෙනවා.

ඔබේ කණ්ණාඩි වරතනාංකය වැඩි high refractive index ද්රව්යකින් හදාගන්න පුලුවන්. එතකොට කාචය හීනියි. සැහැල්ලුයි.

එහෙම නැත්නම් ඔබට සිවි කාච වලට මාරු වෙන්න පුලුවන්. ඔබ වගේ ඉහල අගයක් තියෙන කණ්ණාඩි කාච දාන කෙනෙකුට එමගින් හොද quality of vision එකක් ලබා ගන්න පුලුවන්.

එහෙමත් නැත්නම් laser LASIK සැත්කමකට යන්න පුලුවන්.

මේ ක්රම වලට ඔබ සුදුසුද කියල ඔබේ අක්ෂ වෛද්යවරයා එක්ක කතා කරන්න.

No comments:

Post a Comment